සමාජ සේවකයා යනු...

ආර්ථික, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික, ආගමික හා අධ්‍යාත්මික වශයෙන් යහපත් අතට ඇති වන වෙනසක් සඳහා ජනතාව සංවිධානය කිරීම සමාජ සේවකයෙකු සතු වගකීම වන්නේය. තමන් ජීවත්වන පරිසරයෙන් සහ ලබාගත් අධ්‍යාපනිය දැනුම මුලික කොට ගනිමින් සමාජයට හිතකාමී යම් ක්‍රියාකාර කමක් සිදු කිරීමට අති හැකියාව තමන් ලබාගත් අත්දැකීම් තුලින් විදහා දැක්වීම සැම සමාජ සේවකයෙකුම සතු ගුනාංගයකි. එසේ කිරීමේදී තමන් සතු පටු පරමාර්ථ මුලින් උපුුටා දැමිය යුතු අතර පුහු මාන්නය. තමාගේ බහුශුත බාවය, සහ සම්භන්ධතා තවකෙක් ඉදිරියේ ගෙනහැර පාමින් ‍අන් අය පහත් කොට සලකා තමා මුදුනා වීමේ ප්‍රතිමපත්ති ඇති සමාජ සේවකයින් තමාගේ මතයම ක්‍රියාවට නැැන්වීමට ගොත් ඇන ගන්නා අවස්ථා ාබොහෝය. සාමූහික ක්‍රියාකාරකම් වලදී කිසිම අධායපනයක් නැති බුද්ධි මට්ටමින් පහත් බව තමන් විසින්ම විදහා දැක්වීම එවැනි සමාජ සේවකයින් ‍අතින් නොදැනුවත්වම සිදුවේ. අනෙකාගේ මතටය ගරැ නොකරන , විරද්ධ මත නොඉවසන, තමා තමං ගැනම පුරසාරම් දොඩවන බොහෝ අය නොදත් දේ වන්නේ වර්තමානයේ ඔවුන් ඒ තැන සිටින්නේ යම් යම් පුද්ගල කණ්ඩායම් වලිත් ලත්  මොන මොන සාධක නිසාද යන්න වගයි. පටු පරමාර්ථ , පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක වනවා විනා ඔවුන්ගෙන් සමාජ සේවයක් බලාපොරෝත්තු විය නොහැක. 

Comments

Popular posts from this blog

‍ශ්‍රී සපුමල් බංඩර දේවාලය - උඩපොල , වදාකඩ

තළකොල තේ ඇසුරැම් හැදෙන හැටි